Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Transfiguration pending
Jump to content

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය

විකිපීඩියා වෙතින්
තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම
A mindmap of ICTs

දිනෙන් දින දියුණු වෙන ලෝකයේ දැනුම පිපාසිත මිනිසාට දත්ත (DATA) සකස් කිරීම මගින් තොරතුරු(Information) නිර්මණය කිරීමට, කළමණාකරනය කිරීමට, එම තොරතුරු භාවිතා කිරීමට සහ එකිනෙකා සමග හුවමාරු කර ගනීමට(Communication) අවශ්‍ය විය. මෙම අවශ්‍යතා ඉටුකරගැනීම සදහා භාවිතා කරන තාක්ශණය තොරතුරු හා සන්නිවේදන තාක්ශණය(Information communication Technology) නම් වේ. එනම් තොරතුරු තාක්‍ෂණයේ ම දිගුවක් ලෙස තොරතුරු තාක්‍ෂණය සහ සන්නිවේදන තාක්‍ෂණය සම්මිශ්‍රණයෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය බිහි විය.

ගෝලීය වෙළඳ පොලවලට පිවිසීම, දේශපාලන වගකීම ප්‍රවර්ධනය කිරීම, මූලික සේවාවන් සැපයීම වැඩි දියුණු කිරීම හා දේශීය සංවර්ධන අවස්ථාවන් බහුලව ලබාදීම ආදී කාර්යයන් සඳහා ඉතා වැදගත් මෙවලමක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පත්ව තිබේ. එසේ නමුත්, නව්‍යවූ තොරතුරු තාක්ෂණික මූලෝපායක් නොමැති කල්හී ඒ මගින් බොහෝ පුද්ගලයින්ට ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකිවේ. ජාතියේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියෙහි දිසා දක්වන්නා වූ ශ්‍රී ලංකාවේ එකම මුදුන් ආයතනය බවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය පත්ව සිටී. සම්පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ICTA ඉ-ශ්‍රී ලංකා මෙහෙය ක්‍රියාත්මක කිරීමේ සංවිධානය ලෙස ක්‍රියා කරන අතර එහි කටයුතු වලට ලෝක බැංකුව ඇතුළු ප්‍රධාන ආධාරකරුවන් විසින් මුදල් සපයනු ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]