Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත

විකිපීඩියා වෙතින්

ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත නිල වශයෙන් හැඳින්වෙන්නේ, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පළමු රාජගුරුප්‍රසාදිවහන්සේ ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙන ශුද්ධවූ මාර්ක් තුමාගේ ජනවන්දනාව ලෙසිනි.

ශුද්ධවූ බැසිල්, මහා සිරිල්, සහ ශුද්ධවූ ග්‍රෙගරි නාසියැන්සිස් යන අයගේ ජනවන්දනාවන්හී කොටස්, ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙතෙහි අඩංගු වෙයි. ශුද්ධවූ සිරිල්ගේ ජනවන්දනාව යනු, ග්‍රීක බසින් පැවති ශුද්ධවූ මාර්ක් තුමාගේ ජනවන්දනාවෙහි කොප්ටික අනුවාදයකි.

කොප්ටික පිළිවෙත සහ ගර්ස් පිළිවෙත ලෙසින් පිළිවෙත් දෙකකට ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත උප-කාණ්ඩගත කොට ඇත.

ප්‍රාථමික වශයෙන් ඊජිප්තුවෙහි පවතින කොප්ටික පිළිවෙත තුලදී, කොප්ටික ඕර්තඩොක්ස් සභාවෙහි සහ කොප්ටික කතෝලික සභාවෙහි යන සභා දෙකෙහිදීම, ජනවන්දනාවෙහිදී කොප්ටික භාෂාව භාවිතා කරයි.

ඉතියෝපියාවේ, එරිට්‍රියාවෙහි, ජෙරුසලෙමෙහි, සහ සෝමාලියාවෙහි ගර්ස් පිළිවෙත දක්නට ලැබේ. ඉතියෝපියානු ඕර්තඩොක්ස් ටෙවාහිඩෝ සභාව, එරිට්‍රියානු ඕර්තඩොක්ස් ටෙවාහිඩෝ සභාව සහ, ඉතියෝපියානු කතෝලික සභාව විසින් ඔවුන්ගේ ජනවන්දාවන්හිදී එය භාවිතා කෙරෙයි.

බාහිර සබැඳි[සංස්කරණය]

පෙරදිග ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම-සම්බන්ධිත මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.