ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
ඩ්යිස්නොමියා එය නිල වශයෙන් හඳුන්වන්නේ (136199) ඊරිස් 1 ඩිස්නොමියා නමිනි. එය වාමන ග්රහලොවක් වන ඊරිස්ගේ චන්ද්‍රයෙක් වේ. එය 2005 දී මයික් බ්‍රවුන් හා ලේසර් කිරණ මගින් ක්‍රියාත්මක වන (Adaptive options) ගතික ප්‍රකාශ විද්‍යා පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඩබ්.එම්.කොක් නිරීක්ෂණාගාරයේ දී සොයාගන්නා ලදී. ඉන් පසුව එය S/2005(2003 UB313)1 වශයෙන් ඩයිසනොමියො ලෙස නම්කරන තුරු හඳුන්වන ලදී. (ග්‍රීක බසින් එහි අර්ථය නීති අඩුවීම (lawlessness)) ග්‍රීක ඊරිස් දෙවියන්ගේ දියණිය වූ ඩිස්නොමියා වෙනුවෙන් මෙය නම් කරන ලදී. (තව දුරටත්...) -
Image 2
තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි. (තව දුරටත්...) -
Image 3
සෞරග්‍රහ මණ්ඩලයේ හත්වන ග්‍රහලෝකය වන යුරේනස් සතුව දන්නා චන්ද්‍රයින් 27ක් ඇති අතර, ඒවායින් බොහොමයක් නම් කර ඇත්තේ විලියම් ෂේක්ස්පියර් සහ ඇලෙක්සැන්ඩර් පාප්ගේ කෘතිවල එන හෝ සඳහන් වන චරිත අනුවය.[1] යුරේනස්ගේ චන්ද්‍රයන් කාණ්ඩ තුනකට බෙදා ඇත: අභ්‍යන්තර චන්ද්‍රයින් දහතුනක්, ප්‍රධාන චන්ද්‍රයින් පහක් සහ අක්‍රමවත් චන්ද්‍රයින් නවයක්. අභ්‍යන්තර සහ ප්‍රධාන චන්ද්‍රයන් සියල්ලටම ප්‍රගති කක්ෂ ඇති අතර අක්‍රමවත් කක්ෂ බොහෝ දුරට ප්රතිගාමී වේ. අභ්‍යන්තර චන්ද්‍රයන් යුරේනස්ගේ වළලු සමග පොදු ගුණ සහ සම්භවය බෙදා ගන්නා කුඩා අඳුරු සිරුරු වේ. ප්‍රධාන චන්ද්‍රයන් පහ ඉලිප්සාකාර වන අතර, ඒවා ඒවායේ අතීතයේ යම් අවස්ථාවක දී ජල ස්ථිතික සමතුලිතතාවයට ළඟා වූ බව පෙන්නුම් කරයි (සහ තවමත් සමතුලිතතාවයේ පවතී), සහ ඒවායින් හතරක් ඒවායේ මතුපිට කැනියොන් සෑදීම සහ ගිනිකඳු වැනි අභ්‍යන්තර ක්‍රියාවලීන්ගේ සලකුණු පෙන්වයි. ] මෙම පහෙන් විශාලතම, ටයිටේනියා, විෂ්කම්භය කිලෝමීටර 1,578 ක් වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අටවන විශාලතම චන්ද්‍රයා වන අතර එය පෘථිවි චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් විස්සෙන් එකක් පමණ වේ. නිත්‍ය චන්ද්‍රයන්ගේ කක්ෂ යුරේනස්ගේ සමකයට ආසන්නව කොප්ලානාර් වන අතර එය එහි කක්ෂයට 97.77° ඇලව ඇත. යුරේනස්ගේ අක්‍රමවත් චන්ද්‍රයන්ට ග්‍රහලෝකයේ සිට විශාල දුරින් ඉලිප්සාකාර සහ දැඩි ලෙස ආනත (බොහෝ විට ප්රතිගාමී) කක්ෂ ඇත. (තව දුරටත්...) -
Image 4
-
Image 5
-
Image 6
-
Image 7යෝධ ග්‍රහලෝක හෝ දැවැන්ත ග්‍රහලෝක සමන්විත වන්නේ පෘථිවියට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහලෝක වලින් ය. සාමාන්‍යයෙන් යෝධ ග්‍රහලෝක, වායූන් හෝ අයිස් වැනි අඩු තාපාංකයක් ඇති ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇති නමුත් පාෂාණ වැනි ඝන ද්‍රව්‍ය වලින් සෑදුනු යෝධ ග්‍රහලෝකද පවතී. සෞරග්‍රහ මණ්ඩලය තුල යෝධ ග්‍රහලෝක හතරක් ඇත. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ඒ හතර යි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වන යෝධ ග්‍රහලෝක ද මේ වනවිට හඳුනාගෙන ගෙන ඇත.
යෝධ ග්‍රහලෝක ඇතැම් විටකදී බ්‍රහස්පතිගේ නමින් (ජුපිටර් නම් රෝමානු දෙවියා ජෝව් නමින් ද හැඳින්වීය) ජෝවියානු ග්‍රහලෝක ලෙස ද හැඳින්වේ. තවත් විටකදී ඒවා වායු යෝධයන් ලෙස ද හැඳින්වෙයි. නමුත් වර්තමානයේ බොහෝ තාරකා විද්‍යාඥයින් වායු යෝධයන් ලෙස හඳුන්වන්නේ බ්‍රහස්පති සහ සෙනසුරු පමණක් වන අතර, අයිස් වලින් සමන්විත යුරේනස් සහ නෙප්චූන් අයිස් යෝධයන් ලෙස හඳුන්වයි. කෙසේ නමුත්, එම නම් දෙකම නොමග යවන සුළුය. මන්ද, සියලුම යෝධ ග්‍රහලෝක මූලිකව සමන්විත වන්නේ අවධි ලක්ෂ්‍යය ඉක්මවා ගිය තරල වලින් ය. එම තරලවලට වෙන් කොට හඳුනාගත හැකි වායුමය සහ ද්‍රවමය අවස්ථා නොමැත. සෙනසුරු සහ බ්‍රහස්පති, හයිඩ්රජන් සහ හීලියම් වලිනුත්, යුරේනස් සහ නෙප්චූන් ජලය, ඇමෝනියා සහ මීතේන් වලින් ද මූලිකව සමන්විත වේ. (තව දුරටත්...) -
Image 8
අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි විෂ්කම්භය කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය හේරා දේවතාවියගේ පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ ඝර්ෂණය තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ අයන් සල්ෆයිඩ් හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී. (තව දුරටත්...) -
Image 9
-
Image 10
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 11
-
Image 12
ග්රහක (ඉංග්‍රීසි: Asteroid) යනු සෞරග්‍රහ මණ්ඩලයේ ඇති minor planets වර්ගයක් වේ.මේවා ඝන පාෂාණවලින් නිර්මාණය වී ඇත.නිශ්චිත හැඩයක් නොමැත. විවිධ විශාලත්වයන් දරයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව