Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

රෝමානු කොන්සල්

විකිපීඩියා වෙතින්

කොන්සල්වරු යනු, රෝමානු ජනරජයේ උසස්ම ශ්‍රේණිගත තෝරා පත් කර ගැනුණු දේශපාලන නිලධාරින් වූහ. කුර්සුස් ඔනෝරුම් නම් සාම්ප්‍රදායික තනතුරු අනුප්‍රාප්තියෙහි උසස්ම මට්ටම ලෙසින් කොන්සල්භාවය සැලකිණි.

සෑස වසරකදීම, කොන්සල්වරු දෙදෙනෙකු එක්වර තෝරා පත් කර ගනු ලැබූ අතර, ඔවුන්ගේ සේවා-කාලය එක්-අවුරුදු කාල සීමාවක් විය. සෑම මසකදීම, ඉම්පිරීයම් නම් බලාධිකාරිය මාරුවෙන් මාරුවට භුක්තිවිඳීමට, කොන්සල්වරුන් දෙදෙනා හට ඉඩ සැලසුණු අතර, කොන්සල්වරයෙතුගේ ඉම්පිරීයම් අධිකාරිය, රෝමය, ඉතාලිය සහ, පළාත් මත බල පැවැත්විණි. කෙසේවෙතත්, අධිරාජ්‍යය සංස්ථාපනය කිරීමෙන් පසුව, කොන්සල්වරු යනු, රෝමයේ ජනරජමය දායාදයෙහි නාමමාත්‍රික නියෝජිතයන් පමණක් වූ අතර, ඔවුන් සතුව ඉතා කුඩා බලතල ප්‍රමාණයක් සහ අධිකාරියක් වූයේ, අධිරාජයා උත්තරීතර නායකයා ලෙසින් ක්‍රියා කල නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_කොන්සල්&oldid=325449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි