විකිපීඩියා:රූකඩ නැටවීම
- Please see Wikipedia:Sockpuppet investigations for how to request CheckUser intervention. You may also be looking for Wikipedia:WikiProject Sociology.
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්‍රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: සාමාන්‍ය නීතිය වන්නේ එක් සංස්කාරකයෙක්, එක් ගිණුමක් යන්නයි. නොමඟ යැවීම, රැවටීම, වන්ධ්‍යලය හෝ කඩාකප්පල්කිරීම සඳහා; කිසියම් තරාතිරමක් සඳහා මහත්වූ අනුග්‍රහයක් ඇති බවට මිථාමතයක් ජනිත කිරීම සඳහා; මතභේදය ඇවිස්සීම සඳහා හෝ; වාරණය කිරීමක්, තහනම් කිරීමක් හෝ, සම්බාධකයක් මග හැරීම සඳහා, බහු ගිණුම් භාවිතා නොකරන්න. ඔබට අනුග්‍රහය දැක්වීම උදෙසා ගිණුම් තනන මෙන් ඔබගේ මිතුරන්ගෙන් ඉල්ලා නොසිටින්න. භාවිතයේ නොමැති පැරණි ගිණුම් පණගන්වා වෙනස් පරිශීලකයන් මෙන් භාවිතා කිරීම හෝ අනෙක් අයෙතුගේ ගිණුමක් භාවිතා කිරීම නොකරන්න. අන්තර්ජාල ලිපින සංස්කාරකයෙක් වශයෙන් වන්ධ්‍යලය සඳහා ගිණුමෙන් නික්මීම සිදු නොකරන්න. |
විකිපීඩියා සංස්කාරකවරුන් එක් ගිණුමක් පමණක් භාවිත කරමින් සංස්කරණ කටයුතු සිදු කිරීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරනු ලැබේ. එක් ගිණුමක් පමණක් භාවිතා කිරීම මගින් සංස්කරණ අඛණ්ඩතාව, ගිණුමේ තත්ත්වය වැඩිදියුණු කිරීම, සහ ප්‍රජාවේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම යන, විශ්වකෝෂයේ දිගුකාලීන පැවැත්මට ඉවහල් වන කරුණු පවත්වා ගැනීම/නඩත්තු කිරීම සිදු කරයි. අනෙකුත් සංස්කාරකවරුන් මුළා කිරීම, සාකච්ඡා කඩා කප්පල් කිරීම, පොදු එකඟතාවයන් විකෘති කිරීම, සම්බාධක වැලැක්වීම හෝ ප්‍රජාවේ සම්මුතීන් උල්ලංඝණය කිරීම යනාදී ඇතැම් කරුණු, හේතුසාධක කරගනිමින් බහුවිධ ගිණුම් පවත්වා ගන්නා බැවින් විකිපීඩියාව තුල රූකඩ නැටවීම තහනම් කර ඇත.
රූකඩ ශිල්පීය පරිශීලනය කිහිප ආකාරයකින් පැවතිය හැකිය:
- අනාවරණය කර ගැනීම වැලැක්වීම උදෙසා නව ගිණුම් තැනීම
- නිෂ්ක්‍රමණය වී IP භාවිතයෙන් ගැටලු සහගත සංස්කරණය කිරීම
- පැරණි භාවිත නොකළ ගිණුම් යළි ක්‍රියාත්මක කරමින්, ඒවා විවිධ පරිශීලකයන්ගේ බැව් ඇඟවීම.
- ආරවුල්/මතභේද ඇති කරවීමේ අරමුණින් මිතුරන් සහ දන්නා හඳුනන අය ගිණුම් නිර්මාණය කරවීමට නම්මා ගැනීම.
(usually called meatpuppetry)
බහුව්ධ ගිණුම් වල අවභාවිතයන් ප්‍රජාවේ විශ්වසනීයත්වය උග්‍ර ලෙස බිඳ දැමීමක් ලෙස සලකනු ලැබේ. එය එවැනි උඩඟු/විකෘත ගිණුම් සියල්ලම block (වාරණය) කිරීම, ගිණුම් පසුපස සිටින පරිශීලකයාට ban ක් ලබා දීම, විකිපීඩියා සහ එහි සහෝදර ව්‍යාපෘතීන් හරහා භාවිතයෙහි යෙදුන සියලුම ගිණුම් සහ IP ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම මෙන්ම අනාගත රූකඩ ශිල්පීය පරිහරණයන් වලක්වනු වස් කිසියම් තත්‍යලෝක සිදුවීම් හෝ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමට ද හේතු විය හැකිය. [1]
ප්‍රමාණවත්/වලංගු හේතු නිසා එක් ගිණුමකට වඩා පවත්වා ගෙන යාමට අවශ්‍ය සංස්කාරකවරු ඒවායේ පරිශීලක පිටු සම්බන්ධ වන සබැඳි අනුපිළිවෙලින් සැපයිය යුතු අතර එම එක් එක් ගිණුම පවත්වා ගැනීමේ අරමුණු හෝ ඒවා අතර ඇති සම්බන්ධතාව පිලිබඳ පැහැදිලි කිරීමක් ද සැපයිය යුතු වෙයි. එය ඉටු වුවහොත්, එක් ගිණුමක පරිශීලක සහ පරිශීලක සාකච්ඡා පිටු අනික් ඒවා වෙත නැවත යොමු කල හැකි වෙයි. සබැඳි රහිත විකල්ප ගිණුම් භාවිත කරන සංස්කාරකවරු හෝ වෙන වෙන IP ඔස්සේ තම ගිණුම භාවිත කරමින් සංස්කරණයේ යෙදෙන්නන්, ලිපි හෝ මාතෘකා මග හැරිය/තරණය කල යුතු වෙයි; මක්නිසාද පිටපත් සංස්කරණය, විකිකරණය, හෝ සබැඳි එක් කිරීම හේතු කිහිපයක් නිසා රූකඩ නැටවීමක් ලෙස සැලකිය හැකි අතර වරදක් සිදු නොකිරීමේ අදහස/උපද්‍රවයක් සිදු නොවන චේතනාව සාමාන්‍යයෙන් සමාවට කරුණක් සපයන්නේ නැත.
වෛකල්පික ගිණුම් වල නුසුදුසු භාවිතයන්[සංස්කරණය]
මුළාකිරීම, රැවටීම/කණාපල්ලම් ගැසීම, භේද ඇති කිරීම්, හෝ පොදු එකඟතාවයන් රහසින් බිඳ හෙළීම සඳහා සංස්කාරකවරු විකල්ප ගිණුම් භාවිත නොකළ යුතුය. මෙයට පහත ඒවාද ඇතුලත් වන නමුදු ඒවා සීමාසහිත නොවේ:
- ආධාරකරණය මුළා කිරීම: විකල්ප ගිණුම්, සැබෑවෙන්ම පවතින ආධාරකරණට වඩා ආධාරකරණයක් පවතින බැව් පෙන්වීම සඳහා භාවිත නොකළ යුතුයි.
- ව්‍යාපෘති අවකාශයන් සංස්කරණය කිරීම: හෙළි නොකළ විකල්ප ගිණුම් මගින් ප්‍රතිපත්තීන්, උපදෙස් වැකි (මාර්ග නිර්දේශයන්/මගපෙන්වීම්) හෝ ඒවායේ සාකච්ඡා පිටු සංස්කරණය; තීරණ ගැනීම සඳහා වූ ක්‍රියා පටිපාටින් සඳහා අදහස් දැක්වීම, requests for adminship (පරිපාලකත්වය සඳහා ඇති යෝජනා), විවාද මකා දැමීම්, හෝ elections වලට ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුය.
- ප්‍රතිපත්තීන් සහ එකඟතා මග හැරීම: ප්‍රතිපත්තීන් පවතින්නේ පුද්ගලයන්ට මිස ගිණුම් සඳහා නොවේ. three-revert rule වැනි ප්‍රතිපත්තීන් එක් එක් පුද්ගලයාගේ සංස්කරණ සඳහායි. දෙවන ගිණුමක් භාවිතයෙන් සිදු කරන ප්‍රතිපත්ති කඩ කිරීම් සඳහා වන දඬුවම් ඔබේ ප්‍රධාන ගිණුමට ද අදාළ වන අතර සම්බාධක, ප්‍රජා විරෝධය, හෝ වාරණයන් උපායෙන් මග හැර යාම, මුහුර්තකයට නැවත ආරම්භ කිරීමට හේතු වේ. EVASION බලන්න.
- එකම පිටුවට හෝ සාකච්ඡාවට බහුවිධ ගිණුම් වලින් දායක වීම: විවිධ පුද්ගලයන් බව ඇඟවීම සඳහා ගිණුම් එකකට වැඩි ගණනක් භාවිත කරමින් එකම පිටුවට හෝ සාකච්ඡාවට දායක වීම සංස්කාරකවරුන් විසින් සිදු නොකළ යුතුය. පැහැදිලිව සබැඳෙන/සබැඳී ඇති අනුමත විකල්ප ගිණුම් මගින් එකම පිටුවට දායක වීම තහනම් නොවේ. (උදා: ඔබේ ප්‍රධාන සහ පොදු පරිගණක ගිණුම මගින් එකම පිටුව සංස්කරණය කිරීම හෝ ඔබේ බොට් ගිණුම මගින් සංස්කරණය කල පිටුවක් ඔබේ ප්‍රධාන ගිණුම භාවිතයෙන් සංස්කරණය කිරීම).
- සියුම් නිරීක්ෂණ වැලැක්වීම: සම්පූර්ණයෙන් සහ විවෘතව අනාවරණය නොකළ විකල්ප ගිණුම් භාවිතයෙන් ඔබේ සංස්කරණ ඉතිහාසය බෙදා වෙන් කිරීම යනු අනෙකුත් සංස්කාරකවරුන් ඔබේ දායකත්ව වල රටාව/ආකාරය ග්‍රහණය කර ගැනීම වැලැක්වීමයි. සමහර තත්ත්වයන් යටතේ මෙයට අවසර ඇති නමුදු (බලන්න legitimate uses) ඔබේ දායකත්වයන් විමර්ශනය කිරීමට යුක්තිසහගත උනන්දුවක්/සැලකිල්ලක් ඇති සංස්කාරකවරුන් ව්‍යාකුල කිරීම හෝ නොමඟ යැවීම සඳහා විකල්ප ගිණුම් නිර්මාණය කිරීම මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමකි. (සියුම් පරීක්ෂාව වලක්වනු වස් ගිණුම් මාරු කරමින් හෝ පිරිසිදු ඇරඹුමක ආවරණය ලැබීමට පිරිසිදු ඇරඹුමක් අවභාවිතයද මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකනු ලැබේ).
- "හොඳ මාදිලියේ" සහ "නරක මාදිලියේ" ගිණුම්: එක් ගිණුමක් "පිරිසිදු"ව පවත්වා ගන්නා අතරතුර කඩාකප්පල් කටයුතු සඳහා තවත් ගිණුමක් භාවිත කිරීමයි. (එනම් එක් ගිණුමක් ගොඩනැගීමේ දායකත්වයන් සඳහාත් අනෙක විනාශකාරී සංස්කරණ සඳහාත් යොදා ගැනීමයි.)
- භූමිකා/ක්‍රියාකලාප ගිණුම්: "තනි පුද්ගලයෙකු" ("role accounts") වශයෙන් ඔබේ සංස්කරණයන් ඔබේ ගිණුම මගින් නියෝජනය කරන බැවින්; බහුවිධ පුද්ගලයන් අතර හවුලේ භාවිත කෙරෙන ගිණුම්; නීතියක් ලෙස තහනම් කර සහ වාරණය කර ඇත. ඔබ කිසියම් සංවිධානයක් වෙනුවෙන් සංස්කරණ සිදු කරන්නේ නම්, කරුණාකර username policy guidance බලන්න. එකම හැරදමන ලද්දන් වන්නේ Wikimedia Foundation (list below) විසින් අනුමත කරන ලද, ගිණුම් වලට සහ ප්‍රධාන අභ්‍යන්තර තැපැල් ලැයිස්තුවට විද්‍යුත් තැපැල් ප්‍රවේශනය සපයන සංස්කරණය නොකරන ගිණුම් සහ බහුවිධ කළමණාකරුවන් විසින් අනුමත කරන ලද bots වේ.
- රැවටිලි සහගතව ප්‍රජාවේ විශ්වාසය ලබාගැනීමට උත්සාහ කිරීම: වෙනත් ගිණුමක් මගින් මින් පෙර සංස්කරණයන් සිදු කර ඇත්නම් එය හෙළිදරව් නොකිරීමෙන් ඔබ විශ්වසනීය තත්ත්වයකට පත් නොවනු ඇත. පරිපාලකත්වය පුද්ගලයෙකු පිලිබඳ ප්‍රජාවේ විශ්වාසය මිස ගිණුම පිලිබඳ අපේක්ෂා නොකරයි. එහෙයින් adminship (පරිපාලකත්වය) සඳහා අයදුම් කිරීමේදී, ඔබේ පසුගිය ගිණුම් පිළිබඳව විවෘතව හෝ ගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු නම් the arbitration committeeට හෝ හෙළිදරව් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- (You may not run for positions of trust without disclosing that you have previously edited under another account. Adminship reflects the community's trust in an individual, not an account, so when applying for adminship, it is expected that you will disclose past accounts openly, or to the arbitration committee if the accounts must be kept private. Administrators who fail to disclose past accounts risk being desysopped, particularly if knowledge of them would have influenced the outcome of the RfA.)