Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
ශුද්ධෝත්තම පාප්වහන්සේ

ෆ්‍රැන්සිස්
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය)
Native name
ස්පාඤ්ඤ: ෆ්‍රැන්සිස්කෝ
Installed13 මාර්තු 2013

පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධවූ සභාවේ නායකයානන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ. මෙතුමානන් වතිකානයේ රාජ්‍ය නායකයානන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමානන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ජේසු නිකායේ ආජන්ටිනානු ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ. තවද 1998 වසරේදි බුවනොස් අයර්ස් හි අගරදගුරු තුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දි දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල් තුමාව තෝරා ගන්නා ලදි.

සාමාන්‍ය ජිවිතයේ දි ෆ්‍රැන්සිස් පාප් තුමන් නිහතමානි, සරල, අල්පේච්ඡ ජිවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව දුප්පතුන්ට නිතරම දයාවන්ත පියකු වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් දෙවිපියානන්ගේ අසීමිත දයාව පිළිබඳ ජිවමාන් සාක්ෂියක් විය. ශුද්ධ වූ සභාව වඩාත් විවුත හා කාලානුරුපි වී යුතුයි යන්න එතුමන්ගේ මතයයි. අසීමිත හා නොහික්මුණු අන්දමින් ධනය රැස් කිරීම හා මාක්ස්වාදි සංකල්පවලට එතුමන්ගේ විරෝධය ප්‍රකාශ කල අතර ගබ්සාව, අන්‍යාස මරණය, ගැබ්ගැනීම වැලැක්වීමේ උපක්‍රම, සමලින්ගිකතාව, කාන්තාවන් සඳහා පුජාත්වරය පිරිනැමීම හා පුජකතුමන්ලාගේ බ්‍රහ්මචාරි ජීවිතය පිලිබඳ වූ ශුද්ධ වූ සභාවේ සම්ප්‍රදායන් ඒ ආකාරයයෙන්ම ආරක්ෂා කරන ලදි. පාරිබෝගික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හා වගකීම් සහිත වූ සංවර්ධනයක් වෙනුවෙන් එතුමන් හඬ නැගීය. එතුමන් විසින් ප්‍රකාශයට පත්කරන ලද “වේ ප්‍රසංසා” යන විශ්ව ලේඛනය තුළින් දේශගුණ විපර්යාස පිලිබඳ ප්‍රබල ජාත්‍යන්තර කතිකාවතක් ඇති කිරීමට සමත් විය.

පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (Jorge Mario Bergoglio) යන්නයි. ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස්හි (Buenos Aires) ෆ්ලොරේස් (Flores) නම් දිස්ත්‍රික්කයෙදි ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස ඔහු උපත ලැබුවේය. ඔහුගේ පියා මාරියෝ ජොසේ බර්ගොග්ලියෝ ඉතාලියෙන් අර්ජන්ටිනාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක් විය. පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක් විය. ඔහුගේ මව රෙජිනා මාරියා සිවොරිය. ගෘහණියක් වූ ඇය ආර්ජන්ටිනාවේ බුඑනොස් එයර්ස් හි උපත ලබා ඇතත් ඇයට තිබුනෙත් ඉතාලි සම්භවයකි.1929 වර්ෂය වනතුරු මාරියෝ ජොසේලා ජීවත්ව තිබෙන්නේ ඉතාලියේය. ඒ වුනත් 1929න් පසුව මෙම පවුලේ උදවිය ආර්ජන්ටිනාවේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන් තමන් ඉපදුන මුල් ගම් බිම් වෙනස් කිරීමට හේතු වි ඇත්තේ අන් කවර හේතුවක් නිසාවත් නොව මොසොලිනිගේ පාලනයට නොකැමැත්තෙන් බව පැවසේ. මේ වග සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මරියා එලේනා ය. මරියා එලේනා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ සොහොයුරියයි. මරියා එලේනා හැරුනු විට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෙසු සහෝදර සහෝදරියන් මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇත. පියා ආර්ජන්ටිනාවේ ජිවත් වුවද ඉතාලියට බෙහෙවින් ආදරය කළ පුද්ගලයෙකු බව ඈ පවසන්නීය.[1]

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ නව යුගය විශේෂ කලාපය, ලේක් හවුස් ප්‍රකාශන, පිටු 3,4

භාහිර සබැඳි

[සංස්කරණය]
බාහිර පින්තූර
White smoke after election
Catholic Church titles
පූර්වප්‍රාප්තිකයා
Theodor Hubrich
Titular Bishop of Auca
20 May 1992 – 3 June 1997
අනුප්‍රාප්තික
Mieczysław Cisło
පූර්වප්‍රාප්තිකයා
Antonio Quarracino
Archbishop of Buenos Aires
28 February 1998 – 13 March 2013
අනුප්‍රාප්තික
Mario Aurelio Poli
Ordinary of Argentina of the Eastern Rite
6 November 1998 – 13 March 2013
පූර්වප්‍රාප්තිකයා
Augusto Vargas Alzamora
Cardinal-Priest of San Roberto Bellarmino
21 February 2001 – 13 March 2013
පූර්වප්‍රාප්තිකයා
Eduardo Vicente Mirás
President of the Episcopal Conference of Argentina
8 November 2005 – 8 November 2011
අනුප්‍රාප්තික
José María Arancedo
පූර්වප්‍රාප්තිකයා
Benedict XVI
Pope
13 March 2013 – present
පදවිය හොබවයි
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
Benedict XVI
Sovereign of the State of Vatican City
13 March 2013 – present
පදවිය හොබවයි
ජාත්‍යන්තරජාතිකශාස්ත්‍රීයකලාකරුජනයාවෙනත්