Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ. පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සමීපව කටයුතු කරනු ලබයි.

  • "මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ"

    'මම ලියන හැටි' : පී. බී. ජයසේකර

    'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත.

  • 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

    අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ

    රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

  • "ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්‍. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ.

    දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

    'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ. ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

  • අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ, ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව පැහැදිලි කිරීමට ය.

වැඩිපුරම කියැවූ